Tuesday, February 19, 2013

'පුස්තකාලයාධිපතිවරු මහජන විශ්වාසය අතින් ඉහළින්ම' නවතම සමීක්ෂණ වාර්තාවක් හෙළි කරයි [Survey Reveals Librarians Second Only to Doctors in Public’s Trust]



පුස්තකාලයාධිපතිවරු මහජන විශ්වාසය අතින් ඉහළින්ම සිටින බවත්, විශේෂයෙන්ම මහජන පුස්තකාල කාර්ය මණ්ඩලය ගත් කල ඔවුන් එහිදී දෙවැනි වන්නේ වෛද‍යවරුන්ට පමණක් බවත් බ්‍රිතාන්‍යයේ සිදු කල නවතම සමීක්ෂණ වාර්තාවක් හෙළි කරයි. මහජන පුස්තකාල මගින් ලබා දෙන සහාය මගින් තම අන්තර්ජාලය පිළිබඳ දැනුම ඉහල නැංවූ බව 80% ක් උපයෝජකයන් පවසති. මෙම සමීක්ෂණය සිදු කලේ බ්‍රිතාන්‍යයේ 'ප්‍රධාන පුස්තකලයධිපතිවරුන්ගේ සමාජය' (UK Society of Chief Librarians) මගිනි. ඒ අනුව බ්‍රිතාන්‍ය සමාජය තුල තොරතුරු සේවා සපයන අනෙකුත් ආයතන අතර පුස්තකාලයන්ට ඉහළ පිළිගැනීමක් පවතින බව තහවුරු වේ. මෙලෙස තොරතුරු ලබා ගැනීමේ ක්‍රියාවලියේදී අනිකුත් මාධ්‍ය අභිභවා පුස්තකාල කෙරෙහි මහජනයා විශ්වාසය තැබීම මගින් පුස්තකාල සේවාවේ අනාගත පැවැත්ම පිළිබඳව විශ්වාසයක් ඇතිවන ඇතිවන අතරම නව තොරතුරු මාධ්‍ය හා තොරතුරු සේවා සපයන්නවුන් හමුවේ පුස්තකාලයේ කාර්යයභාරය අවතක්සේරු වනු ඇති බවට වූ අදහස් ද යටපත් වනු ඇත. දැන් අපගේ කාර්යභාරය වනුයේ ඉහත විශ්වාසය ශ්‍රී ලංකික පාඨකයා තුළ ඇති කිරීමට අපගේ පුස්තකාලයනට ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳව වහා අවධානය යොමු කිරීම නොවේද?

වැඩිදුර තොරතුරු සඳහා: http://www.goscl.com/survey-reveals-librarians-second-only-to-doctors-in-publics-trust/

අවසන් වාර්තාවේ PDF ගොනුව සඳහා: http://www.goscl.com/wp-content/uploads/2012/06/Evaluation-FINAL-12-06-15-NIO-Final-report-v-0.pdf

1 comment:

Unknown said...

supper