Thursday, June 13, 2013

පුස්‌තකාලවල කෘමි පාලනයට නයිට්‍රජන් වායුව භාවිතා කිරීමට යයි - දිවයින පුවත්පතෙන්

පුස්‌තකාල කෘමීන්ගෙන් ආරක්‍ෂා කර ගැනීම සඳහා කෘමි නාශකයක්‌ ලෙස නයිට්‍රජන් වායුව භාවිතා කිරීමට හැකි බවට පුස්‌තකාල හා ප්‍රලේඛන සේවා මණ්‌ඩලය අනාවරණය කරතියි 2013.06.13 දින දිවයින පුවත්පත පවසයි.

වැඩි දුර විස්තර සඳහා: http://www.divaina.com/2013/06/13/news20.html

Monday, June 10, 2013

සාහිත්‍ය වීමංසා - සාහිත්‍යමය සංවාදය

විශ්වවිද්‍යාලයිය පර්යේෂණ සංස්කෘතිය වැඩි දියුණු කිරීමේ අරමුණින් ඇරඹෙන සාහිත්‍යමය සංවාදය 2013 ජුනි මස 11 වන අඟහරුවාදා පෙ ව 11.15 ට K2-110 පීඨ රැස්වීම් ශාලාවේදී පැවැත්වේ.

  • බෙංගාලි ලේඛිකා මහාශ්වේතා දේවී විරචිත 'භිඛාරි එළුපල්ලා සහ මූලික අයිතිවාසිකම්' කෙටි කතාවේ සිංහල පරිවර්තනය  - ඉදිරිපත් කිරීම : මහාචාර්ය උපුල් රංජිත් හේවාවිතානගමගේ
  • මහගමසේකර සහ සුර්යකාන්ත් ත්‍රිපාඨි 'නිරාලා' කාව්‍ය නිර්මාණ - ඉදිරිපත් කිරීම : (බාහිර) කථිකාචාර්ය සුභා රත්නායක

Monday, June 03, 2013

කොරියානු අධ්‍යයන පිළිබඳ නව බ්ලොග් අඩවිය New Blog on Korean Studies

කොරියානු අධ්‍යයන පිළිබඳ නව බ්ලොග් අඩවියක් "කොරියාව හමුවෙමු!" (Let's meet Korea!) නමින් ම'විසින් මෑතදී දියත් කරන ලදී.
 
කොරියානු අධ්‍යයනයන්හි නියුතු ශ්‍රී ලාංකීය සිසුන්ට ඊට අදාල අන්තර්ජාල තොරතුරු සම්පත් හඳුන්වා දීම එහි අරමුණයි.

URL: http://guide2ks.blogspot.com/
 
Recently, I developed a new weblog named "Let's meet Korea!"  on 'Korean studies'. My objective is to assist Sri Lankan Korean studies students in finding online information related to their studies.

Friday, May 31, 2013

'කොරියානු අධ්‍යයන ප්‍රවර්ධන' සම්මන්ත්‍රණය

දකුණු ආසියාව තුළ කොරියානු අධ්‍යයන ප්‍රවර්ධනය (Promotion of Korean Studies in India & South Asia) යන මැයෙන් ඉන්දියාවේ ජවහර්ලාල් නේරු විශ්වවිද්‍යාලය, කොරියාවේ කොරියානු අධ්‍යයන ඇකඩමිය හා කැලණිය විශ්වවිද්‍යාලය එක්ව සංවිධානය කළ සම්මන්ත්‍රණය මැයි මස 30-31 දෙ දින කොළඹදී පැවැත්වුණි. කොරියානු අධ්‍යයනයන්ට අදාළව භාෂාව, සංස්කෘතිය, ඉතිහාසය ද්වි පාර්ශවික ආර්ථික දේශපාලන සබඳතා, භාෂාව ඉගැන්වීම,   බුදුදහම ආදී විෂයයන් යටතේ පර්යේෂණ පත්‍රිකා රැසක් ක්ෂේත්‍රයේ විද්වතුන් විසින් ඉදිරිපත් කරන ලදී.

Sunday, April 07, 2013

'නව මාධය සහ මහජන සබඳතා' - New Media & Public Relations

කැලණිය විශ්වවිද්‍යාලයෙහි ජන සන්නිවේදන අධ්‍යයන අංශය මගින් පවත්වන මහජන සබඳතා පිලිබඳ ඩිප්ලෝමා පාඨමාලාව සඳහා 'නව මාධය සහ මහජන සබඳතා' මැයෙන් ම'විසින් අද දින පවත්වන ලද දේශනයෙහි PowerPoint ගොනුව Slideshare හරහා දැන් ඔබට download කර ගත හැක.

Link: http://www.slideshare.net/tharangad/new-media-public-relations-18359050

Wednesday, March 20, 2013

Built Class Numbers easily with "DeweyBrowser"

OCLC has introduced a new service called 'DeweyBrowser' which helps you to build class numbers easily.

URL: http://deweybrowser.oclc.org/ddcbrowser2/

It enables you to search/browse class numbers as per WorldCat records. In addition to providing class, it connects you to relevant documents with bibliographic details.

Also you can navigate through main classes, divisions & sections of DDC too.

It saves you time & expedite the number building process.

This is a project of OCLC research.

Friday, February 22, 2013

ප්‍රතිලෝම ශබ්දකෝෂයක් (reverse dictionary) භාවිත කරමු

ඔබගේ සිතෙහි ඇති අදහසක් හෝ සංකල්පයක් (idea/concept/meaning) ඇතුලත් කර ඊට ගැළපෙන වචනය (word) හෝ යෙදුම (term) පහසුවෙන් සොයා ගැනීමට කැමැති ද?

එසේ නම් 'reverse dictionary'යක් හාවිත කරන්න.

වැඩිදුර විස්තර සඳහා පිවෙසෙන්න: http://ishandbook.blogspot.com/2013/02/onelook.html

Tuesday, February 19, 2013

'පුස්තකාලයාධිපතිවරු මහජන විශ්වාසය අතින් ඉහළින්ම' නවතම සමීක්ෂණ වාර්තාවක් හෙළි කරයි [Survey Reveals Librarians Second Only to Doctors in Public’s Trust]



පුස්තකාලයාධිපතිවරු මහජන විශ්වාසය අතින් ඉහළින්ම සිටින බවත්, විශේෂයෙන්ම මහජන පුස්තකාල කාර්ය මණ්ඩලය ගත් කල ඔවුන් එහිදී දෙවැනි වන්නේ වෛද‍යවරුන්ට පමණක් බවත් බ්‍රිතාන්‍යයේ සිදු කල නවතම සමීක්ෂණ වාර්තාවක් හෙළි කරයි. මහජන පුස්තකාල මගින් ලබා දෙන සහාය මගින් තම අන්තර්ජාලය පිළිබඳ දැනුම ඉහල නැංවූ බව 80% ක් උපයෝජකයන් පවසති. මෙම සමීක්ෂණය සිදු කලේ බ්‍රිතාන්‍යයේ 'ප්‍රධාන පුස්තකලයධිපතිවරුන්ගේ සමාජය' (UK Society of Chief Librarians) මගිනි. ඒ අනුව බ්‍රිතාන්‍ය සමාජය තුල තොරතුරු සේවා සපයන අනෙකුත් ආයතන අතර පුස්තකාලයන්ට ඉහළ පිළිගැනීමක් පවතින බව තහවුරු වේ. මෙලෙස තොරතුරු ලබා ගැනීමේ ක්‍රියාවලියේදී අනිකුත් මාධ්‍ය අභිභවා පුස්තකාල කෙරෙහි මහජනයා විශ්වාසය තැබීම මගින් පුස්තකාල සේවාවේ අනාගත පැවැත්ම පිළිබඳව විශ්වාසයක් ඇතිවන ඇතිවන අතරම නව තොරතුරු මාධ්‍ය හා තොරතුරු සේවා සපයන්නවුන් හමුවේ පුස්තකාලයේ කාර්යයභාරය අවතක්සේරු වනු ඇති බවට වූ අදහස් ද යටපත් වනු ඇත. දැන් අපගේ කාර්යභාරය වනුයේ ඉහත විශ්වාසය ශ්‍රී ලංකික පාඨකයා තුළ ඇති කිරීමට අපගේ පුස්තකාලයනට ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳව වහා අවධානය යොමු කිරීම නොවේද?

වැඩිදුර තොරතුරු සඳහා: http://www.goscl.com/survey-reveals-librarians-second-only-to-doctors-in-publics-trust/

අවසන් වාර්තාවේ PDF ගොනුව සඳහා: http://www.goscl.com/wp-content/uploads/2012/06/Evaluation-FINAL-12-06-15-NIO-Final-report-v-0.pdf

Monday, May 14, 2012

Presentation on Information Architecture (IA)

Dear LIS Higher Diploma Students, University of Kelaniya: Please follow this link to download the presentation related to my lecture on May 13th. URL: http://tharangaonline.pbworks.com/w/file/fetch/53668717/IA_Student%20Handout.pdf Tharanga Ranasinghe.

Monday, April 09, 2012

Encyclopedia Britannica Goes Online Only!



The 224 year old authoritative reference source "Encyclopedia Britannica (EB)" has decided to abandon its' print version and restrict only to the Online edition. The company has printed the encyclopedia, which runs to 32 volumes in length, since 1768. The 2010 edition was the last published edition.

Jorge Cauz, Encyclopaedia Britannica’s president said “We just decided that it was better for the brand to focus on what really the future is all about”. He further mentioned that ”Our database is very large now, much larger than can fit in the printed edition. Our print set version is an abridged version of what we have online.”

Following news items provide more information on this topic:

1. Britannica Blog

2. The Telegraph

3. Yahoo! News

Photograph: The EB set at the Main Library, University of Kelaniya, Sri Lanka.