Thursday, June 13, 2013

පුස්‌තකාලවල කෘමි පාලනයට නයිට්‍රජන් වායුව භාවිතා කිරීමට යයි - දිවයින පුවත්පතෙන්

පුස්‌තකාල කෘමීන්ගෙන් ආරක්‍ෂා කර ගැනීම සඳහා කෘමි නාශකයක්‌ ලෙස නයිට්‍රජන් වායුව භාවිතා කිරීමට හැකි බවට පුස්‌තකාල හා ප්‍රලේඛන සේවා මණ්‌ඩලය අනාවරණය කරතියි 2013.06.13 දින දිවයින පුවත්පත පවසයි.

වැඩි දුර විස්තර සඳහා: http://www.divaina.com/2013/06/13/news20.html

Monday, June 10, 2013

සාහිත්‍ය වීමංසා - සාහිත්‍යමය සංවාදය

විශ්වවිද්‍යාලයිය පර්යේෂණ සංස්කෘතිය වැඩි දියුණු කිරීමේ අරමුණින් ඇරඹෙන සාහිත්‍යමය සංවාදය 2013 ජුනි මස 11 වන අඟහරුවාදා පෙ ව 11.15 ට K2-110 පීඨ රැස්වීම් ශාලාවේදී පැවැත්වේ.

  • බෙංගාලි ලේඛිකා මහාශ්වේතා දේවී විරචිත 'භිඛාරි එළුපල්ලා සහ මූලික අයිතිවාසිකම්' කෙටි කතාවේ සිංහල පරිවර්තනය  - ඉදිරිපත් කිරීම : මහාචාර්ය උපුල් රංජිත් හේවාවිතානගමගේ
  • මහගමසේකර සහ සුර්යකාන්ත් ත්‍රිපාඨි 'නිරාලා' කාව්‍ය නිර්මාණ - ඉදිරිපත් කිරීම : (බාහිර) කථිකාචාර්ය සුභා රත්නායක

Monday, June 03, 2013

කොරියානු අධ්‍යයන පිළිබඳ නව බ්ලොග් අඩවිය New Blog on Korean Studies

කොරියානු අධ්‍යයන පිළිබඳ නව බ්ලොග් අඩවියක් "කොරියාව හමුවෙමු!" (Let's meet Korea!) නමින් ම'විසින් මෑතදී දියත් කරන ලදී.
 
කොරියානු අධ්‍යයනයන්හි නියුතු ශ්‍රී ලාංකීය සිසුන්ට ඊට අදාල අන්තර්ජාල තොරතුරු සම්පත් හඳුන්වා දීම එහි අරමුණයි.

URL: http://guide2ks.blogspot.com/
 
Recently, I developed a new weblog named "Let's meet Korea!"  on 'Korean studies'. My objective is to assist Sri Lankan Korean studies students in finding online information related to their studies.