Friday, May 31, 2013

'කොරියානු අධ්‍යයන ප්‍රවර්ධන' සම්මන්ත්‍රණය

දකුණු ආසියාව තුළ කොරියානු අධ්‍යයන ප්‍රවර්ධනය (Promotion of Korean Studies in India & South Asia) යන මැයෙන් ඉන්දියාවේ ජවහර්ලාල් නේරු විශ්වවිද්‍යාලය, කොරියාවේ කොරියානු අධ්‍යයන ඇකඩමිය හා කැලණිය විශ්වවිද්‍යාලය එක්ව සංවිධානය කළ සම්මන්ත්‍රණය මැයි මස 30-31 දෙ දින කොළඹදී පැවැත්වුණි. කොරියානු අධ්‍යයනයන්ට අදාළව භාෂාව, සංස්කෘතිය, ඉතිහාසය ද්වි පාර්ශවික ආර්ථික දේශපාලන සබඳතා, භාෂාව ඉගැන්වීම,   බුදුදහම ආදී විෂයයන් යටතේ පර්යේෂණ පත්‍රිකා රැසක් ක්ෂේත්‍රයේ විද්වතුන් විසින් ඉදිරිපත් කරන ලදී.